ඉගිලී පල කළු තාරාවා

ඉගිලී පල කළු තාරාවා

මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ආසන්නයේ දී ම එමගින් මෙරට ආර්ථික දේශපාලනික සහ සමාජ සංස්කෘතික සියලු අංශවල සිදුවන පාදඩකරණය පිළිබඳව 1980දී ලූෂන් බුලත්සිංහල විසින් නිර්මාණය කරන ලද “තාරාවෝ ඉගිලෙති” වේදිකා නාට්‍යයෙන් ඉතා අපූරුවට පුරෝකතනය කරනු ලැබීය.

එම නාට්‍යය තුළ ගීත කිහිපයක් අඩංගු වේ. පසුබිම් සංගීතය ගුණදාස කපුගේ ශූරින්ගේ විශිෂ්ඨ නිර්මාණයක් සේ අදටත් පිළිගැනේ. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් බවට පත් කරන්නේ යැයි ජේආර් ජයවර්ධන කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් එම සිංගප්පූරු සංකල්පය සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට ගුණදාස කපුගේ විශිෂ්ඨ සමත්කමක් දක්වා තිබිණි.

එහි අඩංගු තාරාවෝ ඉගිලෙති ගීතයේ පද තුළ විශේෂ අවධානයට යොමු වන සමාජ විවරණයන් කිහිපයක් මෙසේ ය.

එළිපිට ඇත අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ
සාටක දුහුල ඉරන් නාරි ලතා මල් පූදින්නේ
නුවරුන් රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ

ආදි වශයෙන් දැක්වෙන අතර සියළුම ගීත නිර්මාණ ලූෂන් බුලත්සිංහලගේ ය. නව පුනරුද යුගයකට සැරසෙන මේ මොහොතේ වසර 40කට පෙර නිර්මණය කළ මේ නාට්‍යමය අත්දැකීම කියවා ගැනීම කාලීන වැදගත්කමකින් යුක්ත ය.

Facebook
Twitter
LinkedIn