අද අපේ දේශපාලන තීන්දුව ගැන ඉදිරි පරම්පරාවන් කෘතවේදීත්වය පළ කරාවි – නදී කම්මැල්ලවීර

අද අපේ දේශපාලන තීන්දුව ගැන ඉදිරි පරම්පරාවන් කෘතවේදීත්වය පළ කරාවි – නදී කම්මැල්ලවීර

අද අපේ දේශපාලන තීන්දුව ගැන ඉදිරි පරම්පරාවන් කෘතවේදීත්වය පළ කරාවි යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර අවධාරණය කරයි

ඇය මේ බව අවධාරණය කලේ පසුගිය 20 වනදා පඬුවස්නුවරදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන් දිසානායක,

“මේ ගෙවී යන්නේ මගේ, ඔබේ, අපේ රටේ තීරණාත්මකම සති කිහිපය බව මම විශ්වාස කරනවා. රටේ පුරවැසියන් විදියට අවුරුදු හැත්තෑහයක් පුරා අතිශය කටුක වේදනා විඳි අපට අද අප ඉදිරිපිට තිබෙන්නේ ඓතිහාසික වගකීමක්. සිහිකල්පනාව ඇතිව මේ රටේ ජීවත් වන ඕනෑම කෙනකුට සැප්තැම්බර් විසිඑක් වැනිදා ගත යුතු තීරණය මොකක් දැයි පැහැදිලියි. අපි වැටී සිටින අගාධයෙන් ගොඩ එන්න නම්, තිබෙන එකම මාවත ජාතික ජන බලවේගයේ අනුර දිසානායක සහෝදරයා විශාල බහුතර ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරවීම පමණයි. ඒ විශ්වාසය ඔබ සියලු දෙනාටත් තිබෙන බව මම දන්නවා.

සුළු පිරිසක් තවමත් මීදුම් දුමාරයක වාගේ ඉන්න බව කලා ක්‍ෂේත්‍රයේ අත්දැකීම් තුළින් මම දන්නවා. මේ තිබෙන අන්ධකාරයෙන් ගොඩ එන්න තිබෙන්නේ මාලිමාව පමණක් බව හදවතින් කියා ගන්න බැරිව ඉන්න අයටයි මම කතා කරන්නේ. මේ රට වෙනස් කරන්න ඕනෑ බව හිතනවා නම්, මාලිමාව හැර වෙනත් විකල්පයක් තිබෙනවාද කියන ප්‍රශ්නය මම අහනවා. රට විනාශ කළ අයටම රට ගොඩ ගන්න පුළුවන්ද කියලා මම අහනවා. මාලිමාව එක් පැත්තකත්, අනෙක් අපේක්‍ෂකයන් අනෙක් පැත්තේත් තියලා හදවතින් සහ නුවණින් එකවර තීරණය කරන්න කියා මම ඉල්ලා සිටිනවා. මම මෙය භාරගෙන තිබෙන්නේ ඡන්දයක් විදියට නොවෙයි, මගේ ජීවිතය සහ මගේ එකම දරුවාගේත්, සමස්ත රටවැසියන්ගේත් ජීවිත දිනා ගැනීමේ සටනක් ලෙසයි. අවුරුදු කිහිපයක් මම ජීවත් වුණේ ලෝකයේ දියුණුයි කියලා විශ්වාස කරන රටක. දියුණු අධ්‍යාපනයක් තිබෙන මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන් ලෙස සලකන රටේ නායකයාටත්, පුරවැසියන්ටත් එකම නීතියක් ක්‍රියාත්මක වන රටක සිටියේ. අපි අද ඉන්නේ එවැනි රටක් ලෙස හැඳින්විය හැකි තත්වයක් තිබෙන රටක නොවෙයි. අවම වශයෙන් ලෙඩකට බෙහෙත් ගන්න ඉස්පිරිතාලයට ගියාම දෙන බෙහෙත්වලින් මැරෙන්නේ නැති වෙයි කියලා විශ්වාසයක් තියා ගන්න පුළුවන්ද? මෙතෙක් අපි බලයට පත් කළ පාලකයන් කොතෙක් දුරට මනුෂ්‍යත්වය පිරි අය වූවාද?

මම මේ කතා කරන්නේ දේශපාලනයකට වඩා සමස්ත ජනතාවගේම ජීවිත ගැනයි. අවුරුදු හැත්තෑහයක් තිස්සේ මැතිවරණයකදී කතා කරන්නේ එදා වේල සොයා ගැනීම ගැන නම්, මේ රටේ සිටි පාලකයන් සිදු කර තිබෙන්නේ මොනවාද? අද අපි ගන්නා දේශපාලන තීන්දුව ගැන අපේ දරුවන් පරම්පරා ගණනාවක් කෘතවේදීත්වය පළ කරාවි. තවදුරටත් එදා වේල ගැන සිතමින්, බඩු මල්ලකට ඡන්දය දෙන්න තීරණය කරනවා නම්, අපේ දරුවන් අපට ශාප කරාවි. එසේ නොවී නුදුරේදීම උදා වන පුනරුද යුගයේ කොටස්කරුවන් හැටියට එක් වන ලෙස මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මාලිමාව හැර අපට වෙන කිසිදු විකල්පයක් නැහැ.”

Facebook
Twitter
LinkedIn