මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කළ දේශපාලන යුගය නිමා කරමු – විශ්‍රාමික කපිතාන් සිරිතිලක බණ්ඩාර

මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කළ දේශපාලන යුගය නිමා කරමු – විශ්‍රාමික කපිතාන් සිරිතිලක බණ්ඩාර

මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කළ දේශපාලන යුගය නිමා කරමු යැයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ පඬුවස්නුවර ප්‍රධානී, විශ්‍රාමික කපිතාන් සිරිතිලක බණ්ඩාර අවධාරණය කරයි.

ඔහු මෙලෙස අවධාරණය කලේ පසුගිය 20 වනදා පඬුවස්නුවරදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ පඬුවස්නුවර ප්‍රධානී, විශ්‍රාමික කපිතාන් සිරිතිලක බණ්ඩාර,

“යුද හමුදාව තුළ සක්‍රිය සේවයේ සිටි ඉතිහාසයක් අපට තිබුණා. අපට තිබුණේ, වසර තිහක් පැවැති යුද්ධය නිමා කිරීමේ අභියෝගයයි. ඒ අභියෝගය ජය ගැනීමෙන් පසුව අප සියලු දෙනාට මේ රටේ සාමයෙන් ජීවත් විය හැකි යැයි අප විශ්වාස කළා. නමුත්, එය එසේ නොවුණු බව අප හැමදෙනාම දන්නවා. නමුත්, මේ වන විට නිවැරදි ප්‍රතිපත්ති සහිත නායකත්වයක් තිබෙන ජාතික ජන බලවේගය රට භාර ගැනීමට සූදානමින් සිටිනවා.

එළඹෙන සැප්තැම්බර් 21වැනිදා පඬුවස්නුවර ආසනයේ අප සියලු දෙනාම ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයෙන් ආරම්භ කරමු කියන ඉල්ලීම කරනවා. ඔබේත්, මගේත්, අපි හැමෝගේමත් ජීවිත සමඟ සෙල්ලම් කළ දේශපාලන යුගය මේ රටෙන් නිමා කරමු. අපි ‘අදිටන ත්‍රිවිධ හමුදා සාමුහිකය’ පිහිටුවාගෙන කටයුතු කරන්නේ කියන චේතනාවෙනුයි. රට පුනරුද යුගයක් කරා ගෙන යාමේදී අපට පැවරී තිබෙන කාර්යභාරය නිවැරදිව ඉටු කරමු කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

Facebook
Twitter
LinkedIn