සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස, ගොටාබය රාජපක්ෂ මෙන්ම ජනතාව සිහින ලෝකයක රඳවා කෘත්‍රීම රැල්ලක් තුළින් කෙසේ හෝ බලයට පැමිණීමට දඟලන ඉතාමත් අපරිනත නායකයෙක් බව එම සමගි ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල අවධාරනය කරයි.
ඇය මේ බව අවධාරණය කළේ අද (21) පාර්ලිමේන්තුවේදී සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ විශෙෂ ප්‍රකාශය සිදුකරමිණි.
එහිදි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල,
“මට හිතෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ඉක්මනින් ජනාධිපති වීමේ හදිස්සියක්වත් තියෙනවාදෝ කියා. හැබැයි ඒ ප්‍රශ්නයටනම් අපේ ඉතිහාසයේ ඇති තරම් අපිට උත්තර දී තිබෙනවා. දේශපාලනය කරද්දි ඉවසීම කොයිතරම් නම් වැදගත්ද කියන එක අපේම නායකයෝ ප්‍රායෝගිකව ඔප්පු කළ ඉතිහාසයක් අපිට තිබෙනවා. දැන්වත් අපි එයින් පාඩම් ඉගෙනගත් යුතුයි. අපේ මව් පක්ෂය වුන එක්සත් ජාතික පක්ෂයේ සිටි දැවැන්තම චරිතය ජේ.ආර් ජයවර්ධන මැතිතුමා. එතුමා මෙරට නායකයා වන්නේ අවුරුදු 71දී. 1947 අපේ පක්ෂය බිහි කරන අවස්ථාවේ එහි දැවැන්ත චරිතයක් වූ එතුමා පක්ෂයේ නායකත්වය ගන්න අවුරුදු 30ක් ඉවසුවා. දේශපාලනයේදී ඉවසීමට තරම් වටිනා දෙයක් නැහැ.
තමන් කොච්චර අපරිනත වුවත් තමන්ගේ අපරිනත බව ජනතාව අතරේ කොපමණ කතාබහට ලක් වුනත් ඒ ගැන වගේ වගක් නැහැ. කොහොමහරි තමන් රටේ නායකයා වෙන්න තමයි, ඊට කාලය හරිද? පරිසරය හරිද? ඒක වැරදුනොත් වියහැකි විනාශය කොයිවගේද? ඒක ප්‍රතිපූර්ණය කළ හැකි එකක්ද? එවැනි විනාශයක වගකීම ගන්න තමන්ට පුළුවන්ද වගේ කරුණු ගැන කිමිස සොයාබැලීමක් නැහැ. අඩුම තරමේ තමන් තුළ ඊට අවශ්‍ය නායකත්ව ගුණාංග තියෙනවාද කියා සිතන්නටවත් වෙහෙසෙන්නේ නැහැ. ඉතාමත් අපරිනත ආකාරයේ කෘත්‍රීම රැල්ලක් සාදාගෙන බලය ගන්න උත්සාහා කරනවා මිසක් එය රැක ගැනීමට කිසිම වැඩපිළිවෙළක් සැලැස්මක් ඔළුවේ නැහැ.
මෙක දැන් මේ රටට අලුත් දෙයක් නොවෙයි. ඒ බව ගිය වතාවේ ඇස් පනාපිට ඔප්පු කළ නායකයා තමයි ගෝටාබය රාජපක්ෂ මැතිතුමා. ඒ නිසාද මේ කරන්නේ. යළිත් වරක් ගෝටාබය රාජපක්ෂ දෙවෙනි කොටස රඟදක්වන්නද කියලා මට හිතෙනවා. ඒ නිසා ආඩු ගණනේ මේ රටේ දේශපාලණඥයෝ ගෝයාබය රාජපක්ෂ මැතිතුමාගෙන්වත් පාඩමක් ඉගෙනගන්න ඕනා. එදා ගෝටාබය කෘත්‍රීම රැල්ලක් හදලා ඒකට ගොදුරුවෙලා, රටත් බංකොලොත් කොට ජනතාවත් අතරමං කරලා තමනුත් දේශපාලන වශයෙන් සියදිවි නසාගත් විදිහ හරිම අපූරුයි. ඔබත් අදම ගෝටාබය කියවන්න. ඔහු ලියපු පොත නෙවෙයි. ඔහු ගැන මුළු රටම දන්න ඇත්ත කතාව කියවන්න. ආණ්ඩුවක් දුරුවල වෙනකොට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ජනතාව සිහින ලෝකයක අතරමං කර ඉක්මනින් බලයට එන්න උත්සාහ කරන සියලුම දේශපාලනඥයින්ට ගෝටාබය රාජපක්ෂ මහතා දුන්න ආදර්ශය ඉතාම වැදගත්.”









