මන්ත්‍රීවරියක් පසුපස තුන් දෙනෙක්

මන්ත්‍රීවරියක් පසුපස තුන් දෙනෙක්

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි තලතා අතුකෝරාල ඉල්ලා අස්වීමෙන් පසුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක් සහ ප්‍රබල ක්‍රියාකාරිනියක කෙරෙහි ද දැඩි සැකයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙම සතිය තුළ පිල් පැනීම් රැසක් සිදුවීමට ඉඩ තිබෙන බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන් ම පුවත්පත් ද තොරතුරු හෙළිකර තිබිණි. සමගි ජන බලවේගයෙන් ඉවත් විය හැකි මන්ත්‍රීවරු පිළිබඳව දැඩි සුපරීක්ෂණයක සිටීම සඳහා විශේෂ චරපුරුෂයන් තිදෙනෙකු පත් කර ඇති බව මෙයට පෙර ද හෙළි වී තිබිණි.

සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ලක්ෂමන් ෆොන්සේකා, සුජීව සේනසිංහ සහ මරික්කාර් යන තිදෙනා එම මෙහෙයුමට යොදා ඇතැයි වාර්තා විය. අද (21) උද්ගත වූ අනපේක්ෂිත තත්වය හමුවේ මෙම තිදෙනාගේ මෙහෙයුම් තව දුරටත් දැඩි කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. තලතා අතුකෝරාල ඉල්ලා අස්වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මේ දක්වා කිසිදු ප්‍රකාශයක් නොකළ අතර වෙනත් පිරිස් යොදවමින් තලතා අතුකෝරාලට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටී. වාර්තා වන අන්දමට පිල් මාරු කිරීමට සූදානම් වන අනෙකුත් පිරිස වළක්වා ගැනීම සඳහා දැවැන්ත මඩ ප්‍රචාරයක් ද තලතා අතුකෝරාලට එරෙහිව සූදානම් කර ඇත.

Facebook
Twitter
LinkedIn