ප්‍රංශයේත් කඳවුරු බඳී

ප්‍රංශයේත් කඳවුරු බඳී

එළඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයගහණය කරවීම සඳහා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානාත්මකව මැතිවරණ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව එරට සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පත්‍රිකා බෙදීම, දැනුවත් කිරීම සහ එම පිරිස් මගින් මෙරට සිටින ඥාතී මිත්‍රාදීන් දැනුවත් කිරීමේ වැඩ සටහන් සක්‍රිය කර තිබේ.

එම ක්‍රියාකාරිකයින් විශාල පිරිසක් ඡන්දය පාවිච්චි කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්