එක්සත් ජාතික පක්ෂය 1977 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර වසර 3ක් ගතවීමටත් පෙර ඉඩ අමීන් ගිය පාරේ ගමන් කරමින් තිබූ බව හිටපු දිසා විනිසුරුවරු පවා අනතුරු ඇඟවීම් කර ඇත.
මේ බව 1980 අගෝස්තු 27 වෙනිදා ඇත්ත පුවත්පතේ පළ කරන ලද ප්‍රවෘත්තියකින් හෙළි කර තිබේ. “යූඇන්පී ආණ්ඩුව ඉඩි අමීන් ගිය පාරේ – හිටපු දිසා විනිසුරු” යන සිරස්තලයෙන් එම ප්‍රවෘත්තිය පළ කර තිබිණි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ හිටපු දිසා විනිසුරු ඇස්. ඇස්. කුලතිලක “මැති ඇමතිවරු වහසි බස් දොඩමින් ප්‍රචන්ඩ ක්‍රියාවලට සැරසෙමින්ද ගමන් කරන දිශාව සියළුම ප්‍රගතිශීලීන් අවබෝධ කර ගෙන වහා සංවිධානය විය යුතු” බව ය. එම මර්දනකාරී ආණ්ඩුවේ අගමැති රණසිංහ ප්‍රේමදාස වූ අතර රනිල් වික්‍රමසිංහ යෞවන කටයුතු හා රැකි රක්ෂා ඇමති ධුරය දැරීය.
9,783










