අනුර කුමාර දිසානායක අස්ගිරි මහනායක හිමි හමුවෙයි

අනුර කුමාර දිසානායක අස්ගිරි මහනායක හිමි හමුවෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි හමුවිය.

මේ වනවිට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කර ඇති අනුර කුමාර දිසානායක, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබාගෙන තිබේ.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල්කාන්තද එක්වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්