ඉදිරි පැය 24 තීරණාත්මකයි… කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්…

ඉදිරි පැය 24 තීරණාත්මකයි… කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්…

ඉදිරි පැය 24 තීරණාත්මක බව සඳහන් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල මෙම තත්වය හටගෙන ඇත් බවත් ඒ ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාව හේතුවෙන් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්