අනුර කුමාර දිසානායක මල්වතු මහනායක හිමිවරුන් හමුවෙයි

අනුර කුමාර දිසානායක මල්වතු මහනායක හිමිවරුන් හමුවෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (16) පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිද, මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිද හමුවිය.

මේ වනවිට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේලාගේ ආශීර්වාද ලබා ගෙන ඇත.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල්කාන්තද එක්ව සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්