අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න දිවයිනෙන් බැහැරව ගොස් ඇති බැවින්, නැවත පැමිණෙන තෙක් වැඩ බැලීමේ සභාපති විනිසුරුවරයකු පත් කර ඇත.
අද (16) පෙරවරුවේ ජනාධිපති, රනිල් වික‍්‍රමසිංහ විසින් ආර්.එම් සෝභිත රාජකරුණා වැඩ බලන සභාපති විනිසුරු ලෙස පත් කර, ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දී තිබේ.
මේ ආකාරයට වැඩ බැලීමේ තනතුරු සඳහා සුදුස්සන් පත් කිරීමේ හැකියාව ජනාධිපති වෙත තිබුණ ද, වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන නියෝගය මේ දක්වා ඉටු කර නොමැත.
ඊට අමතරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, ජනාධිපති වෙත අවම වශයෙන් කැබිනට් ඇමැති ධුර නවයක් පමණ තබාගෙන සිටී. මෙලෙස ජනාධිපතිවරයා යටතේ එලෙස ඇමති ධුර තබාගෙන සිටින්නේ, එම ඇමැති ධුර සඳහා වැඩ බලන ඇමැතිවරු පත් කිරීමේ හැකියාව තිබියදීය.
2,217










