විජේදාසට කිසිදු දෝෂයක් සිදුවන්නෙ නැහැ…

විජේදාසට කිසිදු දෝෂයක් සිදුවන්නෙ නැහැ…

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස සිටියදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය බාරගැනීම සම්බන්ධයෙන් විනයානුකූලව කිසිදු පියවරක් නොගනු ඇති බව නවතම වාර්තාවලින් හෙළි වේ.

පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මුලදී ප්‍රකාශ කර තිබුණේ ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටින බවයි. ඒ වෙනුවෙන් විනය කමිටුවක් පත් කර පරීක්ෂණ කටයුතු සිදුකරන්නේ යැයිද ඔහු ප්‍රකාශ කර තිබිණි. එසේ වුවද නවතම තොරතුරුවලින් හෙළි වී ඇත්තේ ඔහු සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට එම පක්ෂයේ බහුතරයක් දෙනා මැලිකමක් දක්වන බවය.

මේ අතර පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට එරෙහිව ද්වේශසහගත සහ කරුණු විකෘති කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාව සොයාබලමින් සිටින් බව සිවිල් සංවිධානවලින් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn