ඉන්දීය අගමැති නරේන්ද්‍රමෝදී තුන්වෙනි වරට එම ධුරයට පත්වීමෙන් පසුව ලංකාවේ පළමු නිල සංචාරය ලබන අගෝස්තු මාසයට යොදාගෙන තිබුණද ජනාධිපතිවරණය පසුවනතුරු එය කල් දමා තිබේ.
එම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයසංකර්ගේ මෙරට නිල සංචාරයෙන් පසුවය. තීරණාත්මක ජනාධිපතිවරණයක් පැවැත්වීමේ නිල ප්‍රකාශයෙන් පසුව පවතින අන්තර්කාලය තුළ එම සංචාරය යොදාගැනීම නුසුදුසු බවට තීරණය කර ඇත. ඒ අනුව ඉන්දීය අගමැතිගේ සංචාරය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි මෙරට බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දී ඇත.
1,125










