රාජිත වගේ නෙවෙයි ෆොන්සේකා සජිත්ට තදින් ගහනවා – රංජිත් මද්දුම බණ්ඩාර

රාජිත වගේ නෙවෙයි ෆොන්සේකා සජිත්ට තදින් ගහනවා – රංජිත් මද්දුම බණ්ඩාර

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙන් නොව සමගි ජන බලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පක්ෂ නායක සජිත් ප්‍රේමදාසව දැඩිව විවෙචනය කරන බව සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිණි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, “පක්ෂයේ තරාතිරම නොබලා පක්ෂයක ප්‍රතිපත්ති අනුව කටයුතු කළ යුතුයි. ෆොන්සේකා විනයානුකූලව කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. පක්ෂයේ ඉන්නකම් පක්ෂ නායකයා එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න ඕන. ඒ නිසා අපි ඔහුට විරුද්ධව පියවර ගන්න කටයුතු කරනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔහුට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ සතියේ රැස්වී තීරණය කරනවා,” යනුවෙනි.

එහිදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පසුගිය කාලයේ දිගින් දිගටම ප්‍රසංසා මුඛයෙන් අදහස් ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සම්බන්ධයෙනුත් විනය ක්‍රියාමාර්ග ගන්නේදැයි මාධ්‍යවේදීන් විමසා ඇත. ඊට පිළිතුරු දෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසා ඇත්තේ, “රාජිත, ෆොන්සේකා වගේ සැර පරුෂ විදිහට නායකයාව විවේචනය කරන්නේ නැහැ.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn