පුතාගේ අතුරුදන්වීම නීතිපතිට පැමිණිලි කළ මවට මරණ තර්ජන

පුතාගේ අතුරුදන්වීම නීතිපතිට පැමිණිලි කළ මවට මරණ තර්ජන

අතුරුදන් කිරීමට ලක් වූ තම පුත්‍රයා ගැන නීතිපතිට පැමිණිලි කිරීමෙන් පසු දුරකතන ඇමතුමක් මගින් තමාට තර්ජනය කළේ යැයි මවක විසින් පසුගිය 15 වනදා අහංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කපිල කුමාර ද සිල්වා නමැති තම පුත්‍රයා ඉකුත් මාර්තු 27 වන දා පොලිස් විශේෂ කාර්ය බළකායේ යැයි කියමින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් දින 25ක් පමණ අතුරුදන්ව සිටීම ගැන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා පසුගිය 13 වන දා නීතිපතිට පැමිණිලි කර තිබේ. පසුව පසුගිය 14වනදා මධ්‍යම රාත්‍රියේ මෙම තර්ජනය කළ බව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම පුද්ගල අතුරුදන් කිරීම ගැන ඇය නීතිපතිවරයාට පැමිණිලි කර ඇත්තේ, 2018 අංක 05 දරන බලහත්කාර අතුරුදන්වීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය යටතේය.

එසේම, කපිල කුමාර ද සිල්වාගේ මවට එල්ල වූ තර්ජනය ගැන පැමිණිලි කිරීමට අහංගම පොලිසියට ගිය අවස්ථාවේද එම අංකයෙන්ම නැවත ඇමතුමක් ලැබී ඇති මුත් ඊට ප්‍රතිචාර දැක්වූ අවස්ථාවේ ඇමතුම විසන්ධි කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්