පහේ ශිෂ්‍යත්වයට ලකුණු දෙන ක්‍රමය ලබන වසරේ සිට වෙනස්වෙයි

පහේ ශිෂ්‍යත්වයට ලකුණු දෙන ක්‍රමය ලබන වසරේ සිට වෙනස්වෙයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ලැබෙන ආකාරය ලබන වසරේ සිට වෙනස් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

ඔහු පවසන්නේ මින් ඉදිරියට අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලින් පමණක් ලකුණු ලබාගත නොහැකි බවය.

ඒ අනුව 04 සහ 05 ශ්‍රේණියේ පන්ති කාමරය තුළ ලබන අධ්‍යාපනය මඟින් ශිෂ්‍යත්ව විභාගය සඳහා ලකුණු 30%ක් ලබාදෙන බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරයි.

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිහිපයක් ක්‍රියාත්මක වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්