මැතිවරණ කොමිසම ඡන්ද පෙට්ටි සූදානම් කරයි – අවශ්‍ය නිලධාරී සංගණනයත් අරඹයි

මැතිවරණ කොමිසම ඡන්ද පෙට්ටි සූදානම් කරයි – අවශ්‍ය නිලධාරී සංගණනයත් අරඹයි

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇති බවත් මැතිවරණය ඉලක්ක කර නිලධාරී සංගණනයක්ද ළඟදීම පැවැත්වීමට කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත හෙයින් මෙලෙස සූදානම් වන බවද ඔහු පවසයි.

ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන බවත් ඡන්ද සඳහා භාවිතා කෙරුණු අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින බවත් ඒවා රජයේ කර්මාන්තශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මේ අතර දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමග ලබන සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මූලිකව දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්