ලෝක දේශගුණික විපර්යාසයන් පිළිබඳව සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අද (30) ප්‍රංශයේ පැරිස් නුවරදී ඇරඹේ.
මේ සඳහා ලොව රටවල් 147ක රාජ්‍ය නායකයින් පැරිස් නුවරට රැස්වීමට නියමිතය. මීට පෙර මෙම සමුළුව 2009 වර්ෂයේ රාජ්‍ය නායකයින් 115ක සහභාගීත්වයෙන් කොපන් හේගන් නුවරදී පැවැති අතර දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් එහිදී දැඩි කතා බහක් සිදු කරනු ලැබුවත් කාර්මීකරණය වූ රටවල් එය ක්‍රියාත්මක කිරීමට මැදිහත් නොවුණි. එහිදී විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වායු ගෝලයට මුදාහරිනු ලබන කාබන් වායුව අවම කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම විශේෂත්වයකි.
මේ වනවිට මිහිතලය උණුසුම් වීම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින අතර ග්ලැසියර් දියවීම හේතුවෙන් දූපත් රාජ්‍යයන්ගේ පැවැත්ම දැඩි අනතුරකට මුහුණ පා තිබේ. මේ අතර 1979 වසරේ සිට ආක්ටික් සාගරයේ ග්ලැසියර් දියවී යාම සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ. ඊට අමතර නෙදර්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ, ස්විස්ටර්ලන්තය ඇතුළු සීත දේශගුණයක් සහිත රටවල කාලගුණය වෙනස් වීමට පටන් ගෙන ඇති බව පැවසේ.
සමුළුවට සමගාමීව කාලගුණ විපර්යාසයට විරෝධය පළ කරමින් ප්‍රංශය, බ්‍රසීලය, මෙක්සිකෝව, යුක්රේනය, චිලි, නෙදර්ලන්ත, ඇමෙරිකාව ඇතුළු ලොව බොහෝ රටවල විරෝධතා පවත්වා තිබේ.









