NIPO පොළොන්නරු සමුළුව පැවැත්වේ

ජාතික විද්වත් වෘත්තික සංසදයේ පොළොන්නරුව දිස්ත්‍රික් ශාඛාව 02 වන මහා සමුළුව හා පොළොන්නරුව ශාඛාව සදහා නව නිළධාරී මණ්ඩලයක් ද මෙහිදී තෝරා පත්කර ගැනීම පසුගිය 28 දින පොළොන්නරුව ජයන්තිපුර සමූපකාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්න මහතා, කැළණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අභයරත්න මහතා හා ජාතික විද්වත් වෘත්තීය සංසදයේ  ජාතික සංවිධායක තිලක් පට්ටියකුඹුර මහතා සහභාගී වී තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික විද්වත් වෘත්තික සංසදයේ සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුවේදී ජාතික විද්වත් වෘත්තීය සංසදයේ  ජාතික සංවිධායක තිලක් පට්ටිය කුඹුර මහතා විසින් ජාතික විදුවත් වෘත්තීය සංසදයේ අරමුණ සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළබදවත් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. කැළණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අභයරත්න මහතා පෙරදිග දේශපාලන න්‍යාය හා භාවිතය පිළිබදව හිටපු විගණකාධිපති සරත්චන්න්ද්‍ර මායාදුන්න මහතා ජනතා පරමාධිපත්‍යායේ ඉතිහාසය සහ වර්තමානය පිළිබදව දේශන පැවැත්වීය.

Facebook
Twitter
LinkedIn