මේ වනවිට රුසියාව හා තුර්කිය අතර මතු වී ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට පෙර තුර්කිය සිය ප්රහාරක යානයට පහර දීම සම්බන්ධයෙන් රුසියාවෙන් සමාව අයැදිය යුතු යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමී පුටීන් පවසයි.
මේ වනවිට රුසියානු යානයට තුර්කිය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් ප්රබල විරෝධයක් එල්ල වෙමින් තිබෙන අතර තුර්කිය සමග පවත්වනු ලැබූ සියලුම ගනුදෙන අත්හිටුවීමට රුසියාව පියවර ගෙන තිබේ. එසේම ලබන මස පළමු වැනිදා සිට තුර්කි ජාතිකයින්ට වීසා නොමැතිව රුසියාව තුළට ඇතුළු වීම තහනම් කිරීමටත්, තුර්කිය වෙත සංචාරය කිරීම රුසියානුවන්ට තහනම් කිරීමටත් රුසියාව පියවර ගෙන ඇත.
ඊයේ (27) දිනයේදී තුර්කි ජනාධිපතිවරයා කර ඇති ප්රකාශයෙන් අනතුරුව මේ වනවිට නැවතත් රුසියානු තුර්කි අර්බුදය උත්සන්න වී ඇති අතර සිරියාව වෙත සිය හමුදමය මෙන්ම ප්රහාරක හැකියාව ශක්තිමත් කිරීමට මේ වනවිට රුසියාව පියවර ගෙන තිබේ. මේ වනවිට රුසියානු මොස්කාව යුද නෞකාව සිරියානු වෙරළ ආසන්නයේ ස්ථාන ගත කිරීමට රුසියාව කටයුතු කර තිබේ. එම නෞකාව සතුව ගුවන් යානා නාශක අවි මෙන්ම දිගු දුර මිසයිලවලින්ද සන්නධ බව පැවසේ.









