ජනතා මුදල් ඩිලාන් මහින්දට බෙදපු හැටි හෙළි වෙයි

රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු විදේශ රැකියා ප්‍රවර්ධ ඇමති ඩිලාන් පෙරේරා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට අයත් රුපියල් හිසිහතර කෝටි අසූඅට ලක්ෂ හැත්තෑ එක්දහස් අටසිය දහයක්  අවභාවිතා කර ඇති බව  පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

මෙම මුදල් අවභාවිතාවේ යොදවා තිබෙන්නේ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාට අයත් විවිධ අංශ හතක් යටතේ බව හෙළිවේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම මුදලින් අතිවිශාල කොටසක් වැය කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වීමයි. ඩිලාන් පෙරේරා ඇමතිවරයා බදුල්ල පොසොන් කලාපය වෙනුවෙන් ඩිලාන් පෙරේරා පදනමට විදේශ රැකියා නියුක්ත කාර්යාංශයට අයත් රුපියල් දස ලක්ෂයක් වැය කර ඇති බව එහිදී හෙළිදරව් විය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නගා තිබූ ප්‍රශ්නයකට විදේශ රැකියා ඇමතිනී තලතා අතුකොරල ලබා දුන් පිළිතුරකින් මේ බව අනාවරණය විය.

 

Facebook
Twitter
LinkedIn