පසුගිය 2019 වසරේ පාස්කු දින එනම් අප්‍රේල් 21 වනදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබා ප්‍රතිකාර ලබමින් සිටි තරුණ මවක් එම ප්‍රහාරයෙන් වසර 5කට පසු පසුගිය 27 වනදා මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිළිණි හර්ෂණී නමැති තිදරු මවක් වන අතර එම මරණයත් සමග එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන 247 දක්වා ඉහළ ගොස් ඇත.
පාස්කු දින ප්‍රහාරය එල්ල වූ ස්ථාන අතරින් මීගමුව කටුවාපිටිය දේවස්ථානය එක් ඉලක්කයක් වූ අතර එම ප්‍රහාරයෙන් ඇයගේ එක් පුතෙකුද ජීවිතක්ෂයට පත්විය.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) සවස 3.30ට කටුවපිටියේ දී සිදුකිරීමට නියමිතය.
309










