විහිළු සැපයීම අවශ්‍ය නැහැ… රංගෙ බණ්ඩාරගේ ප්‍රකාශයට රවී කරුණානායක ප්‍රතිචාර දක්වයි…

විහිළු සැපයීම අවශ්‍ය නැහැ… රංගෙ බණ්ඩාරගේ ප්‍රකාශයට රවී කරුණානායක ප්‍රතිචාර දක්වයි…

වැදගත් වන්නේ රටට-ජනතාවට විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ විශ්වාසය රැක ගෙන කටයුතු කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පවසන්නේ ජාතිය බේරා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ජන මත විචාරණයක් පැවැත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිණි.

එම ප්‍රකාශය ඔහුගේ හිතළුවක් විනා ජනාධිපතිවයාගේ හෝ පක්ෂයේ මතය නොවන්නේ යැයිද හිටපු මන්ත්‍රී රවී කරුණානායක අවධාරණය කරයි.

ජනාධිපතිවරණය නියත ලෙස පැවැත් වෙන බවත් නිර්පාක්ෂික, පොදු සහ ජාතික අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට තරඟ කරන බවත් ඔහු පවසයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රටේ මැතිවරණ නිසි කලට වේලාවට පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවත් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික මතයක් විනා ජනාධිපතිවරයාගේ ස්ථාවරය නොවන බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී රවී කරුණානායක වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

වත්මන් ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදය අගයන්නෙකු ලෙස හිටපු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කළද පසුගිය 2023 වසරේ මාර්තු මස 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අත්තනෝමතික ලෙස කල්දමනු ලැබුවේද ඊට පෙර පැවැත්වීමට 2018ත් 2019ත් අතර කාලයේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණ කල් දමනු ලැබූවේද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ අගමැති ධුරණ දරණ කාලයේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්