ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජීවිතය පවතින්නේ වත්මන් පාර්ලිමේන්තුව තුළ බව ඔහු අවධාරණය කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ සාමකාමී මහජන අරගලයකින් ජනාධිපති ධුරයෙන් පලවා හැරිය පසු පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. 2022 ජූලි 20 දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති තෝරා ගැනීම සිදු කරනු ලැබීය. එහිදී පොහොට්ටුව ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 134 දෙනෙකු ලබා දුන් ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස තෝරා ගනු ලැබීය.
මෙම තෝරා ගැනීමෙන් පසුව ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ “මම අවුරුදු 45ක් මේ පාර්ලිමේන්තුවේ කටයුතු කර තිබෙනවා. මගේ ජීවිතය තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවේ. එම නිසා පාර්ලිමේන්තුවෙන් මට මේ ගෞරවය ලබාදීම ගැනත් මා විශේෂයෙන් ම ස්තූතිවන්ත වෙනවා.“ ආදී වශයෙන් ප්‍රකාශ කර ඇති අතර ඔහු 1973දී දේශපාලන ගමන ආරම්භ කළ බවද එහිදී හෙළි කර තිබේ.
මුලින් මහා මැතිවරණයක් පවත්වන ලෙස රාජපක්ෂ පවුලෙන් රනිල් වික්‍රමසිංහ වෙත බලවත් බලපෑමක් සිදු කරමින් සිටිය ද ඔහු එම තීරණය නොගෙන සිටින්නේ වත්මන් පාර්ලිමේන්තුවේ පොහොට්ටු මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත මත තම අනුප්‍රාප්තික ජනාධිපති ධුරය රඳා පවතින නිසා ය.








