ඉරාන ජනාධිපති සමග කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ?

ඉරාන ජනාධිපති සමග කඩා වැටුණු හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවෙලා ?

අතුරුදන් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටුණු බවට හඳුනාගෙන ඇති ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කරන නියමුවන් රහිත ඩ්‍රෝන යානයකට එම කඩා වැටුණු ගුවන් යානයේ බවට සැක සහිත සුන්බුන් සොයා ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට කණ්ඩායම් 73ක් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු බවට සැක කෙරෙන කදුකර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නියැලෙන අතර ඝන මීදුම එම මෙහෙයුම්වලට දැඩි බාධාවක් වී ඇතැයිද ජනාධපිති රයිසි ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටී ඇත්තේද මෙම ඝන මීදුම නිසා බවත් පැවැසේ.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉරාන රතු අඩකව සංවිධානය සහ ඉරාන හමුදාව එක් වෙමිනි.

තුර්කියෙන් තමන්ට ලැබුණු ඩ්‍රෝන යානායකට කඩා වැටුණු බව සැක කෙරෙන හෙලිකොප්ටරයේ සුන්බුන් හමුවුණු බව ඉරාන රතු අඩකව සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරාන රජය කිසිවක් පවසා නැත.

මේ අතර ඉරාන රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ අතුරුදන් වුණු ජනාධිපතිවරයා සහ පිරිස වෙනුවෙන් යාඥා කරන ලෙසටය.

රුසියාව, චීනය සහ ගල්ෆ් සහයෝගීතා සංවිධානය ද ඉරාන ජනාධිපතිවරයා විපතට පත්වීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයිද ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා රුසියාවද එක්වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn