ඉරාන ජනපති, විදෙස් ඇමැති ඇතුළු පිරිස ජීවිතක්ෂයට

ඉරාන ජනපති, විදෙස් ඇමැති ඇතුළු පිරිස ජීවිතක්ෂයට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ ඇමති හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අතුරුදන් වූ හෙලිකොප්ටරයේ සුන්බුන් අසර්බයිජානයත් ඉරානයත් අතර දේශසීමාවේ, කඳුකර ප්‍රදේශයකින් සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වල නියැලෙන රතු අඩකව සංවිධානය සමත් වූ බවත් යානය ඝන මීදුම හේතුවෙන් කඩා වැටෙන්න ඇති බවත් ඔවුහු අනුමාන කරති.

අනතුරට පත් වනවිට ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ ඇමති අමීර්අබ්දුල්රහීන් රැගත් හෙලිකොප්ටර් යානය අසල්වැසි අසර්බයිජානයේ සිට යළි ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබ්රීස් නගරය බලා පියාසර කරමින් තිබී ඇත.

ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති ගමන් කළ හෙලිකොප්ටරය සමඟ එහි ආරක්ෂාවට තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කර ඇති අතර ඒවා ඝන මීදුම මැද ආරක්ෂිතව ගොඩබෑ බව ටබ්රීස් නගර බලධාරීහු තහවුරු කර තිබේ.

ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති අසර්බයිජානයට ගොස් තිබුණේ ඉරානයේ අනුග්‍රහයෙන් එරට ඉදි කළ කිස් කලාසි' සහකොඩාෆරීන්’ නමැති වේලි දෙක විවෘත කිරීම සඳහාය.

Facebook
Twitter
LinkedIn