කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (07) දිනයේ උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (06) නිකුත් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බවය.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙවැනි තත්වයක් තුළ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දැනුම් දෙමින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

1,713










