චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (6) සමත් වූහ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අබුඩාබිහිදී අද පැවැති දෙවැනි අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 149ට කඩුලු 6ක් ලෙස ලකුණු 15කින් සත්කාරක එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල ලකුණු 134ට කඩුලු 7ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර අවසන් මහා තරගය හෙට (07) අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතය.
අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකට බංගලාදේශයේදී ලබන ඔක්තෝම්බර් මස පැවැත්වෙන T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.
210










