ජිප්තුවේ – සිනායි අර්ධද්වීපයට ඉහළ අහසේදී කාර්ය මණ්ඩලයේ 07 දෙනෙකු ඇතුලුව මගීන් 224 දෙනෙකු රැගත් රුසියානු මගී ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. එය ඊජිප්තුවේ සිට රුසියාවේ – ශාන්ත පීටර්ස්බර්ග් නගරය දක්වා ගමන් ගනිමින් තිබී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගුවන් යානය සිනායි අර්ධද්වීප සීමාව පසුකරනවාත් සමඟම මෙහෙයුම් මධ්‍යස්ථාන සමඟ තිබූ සියලු සබඳතා බිඳ වැටී ඇති බව ය.
කෙසේ වෙතත්, අතුරුදන්වූ බව කියන ගුවන් යානය ආරක්ෂිත බව රුසියානු ගුවන් සමාගම උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති නමුත් ඊජිප්තු අග්‍රාමාත්‍ය ෂෙරිෆ් ස්මයිල් සඳහන් කර ඇත්තේ මෙම ගුවන් යානය අනතුරට ලක්වී ඇති බව ය.
කෙසේන මුත් විදෙම් මාධ්‍ය වැඩි වශයෙන් වාර්තා කරන්නේ රුසියානු ගුවන් සමාගමකට අයත් ඒ 321 වර්ගයේ මෙම යානය ඊජිප්තුවේ මධ්‍යම සින්යි ප්‍රදේශයට කඩා වැටී ඇති බව ඊජිප්තු අග්‍රාමාත්‍යවරයා තහවුරු කර ඇති බව ය.
එහි ගමන් ගත් මගීන්ගෙන් වැඩි පිරිසක් රුසියානු සංචාරකයින් බවද සඳහන් වේ.









