ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු මැයි පළවෙනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එයට පෙර විශේෂයෙන් දකුණු පළාතේ ආණ්ඩුකාර විලී ගමගේ ඉවත් කර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් කිරීමටත් වයඹ ආණ්ඩුකාර ධුරයට වෙනත් පුද්ගලයෙකු පත් කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සලකා බලමින් සිටින බවත් අනාවරණය වේ.
ඊට අමතරව මේ වනවිට නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ලෙස පත්කර සිටින සෙන්දිල් තොන්ඩමන් වයඹ ආණ්ඩුකාර ධූරයට පත් කිරීමටත් සූදානම් වන බව මේ වනවිට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. එමෙන් ම, අනෙකුත් පළාත් ගණනාවක ආණ්ඩුකාරවරු වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් කරුණු සලකා බලමින් සිටින බව හෙළිවේ.
මැතිවරණයකදී ආණ්ඩුකාරවරුන් සතු නිල බලය අයුතු ලෙස ලබා ගත හැකි ආකාරයෙන් මෙම ඉවත් කිරීම් සහ මාරු කිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව වැඩි දුරටත් හෙළි වේ.
Views: 0










