සාගලට බැරි වූ වැඩේ සේමසිංහට බාර දීලා

සාගලට බැරි වූ වැඩේ සේමසිංහට බාර දීලා

විදේශ ණය ප්‍රතිව්‍යූහ ගත කිරීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ණය හිමියන් සමඟ එකඟතාවකට පැමිණීම සාගල රත්නායක ප්‍රමුඛ ශ්‍රී ලාංකික නියෝජිතයින් අසමත් වූ පසුව ඒ සඳහා මුදල් නියෝජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ ඇතුළු පිරිසක් ඇමරිකාවට යවා ඇත.

මෙයට පෙර සාගල රත්නායක ඒ සඳහා යොදවා සිටි අතර අදාළ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්වීම පිළිබඳව මුදල් අමාත්‍යංශය නිල වශයෙන් නිකුත් කළ නිවේදනයකින් පිළිගෙන තිබිණි. එම නිවේදනය පසුගිය 16 වෙනිදා නිකුත් කර තිබූ අතර ශ්‍රී ලංකා රජයේ යෝජනා සහ ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ගේ යෝජනා ඇතුලත් වාර්තාවක් ද ඒ සමඟ පවති.

මේ අතර මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ ඇතුළු පිරිස හදිසියේ ම ඇමරිකාව බලා පිටත් කර හැරියේ විදේශ ණය ප්‍රතිව්‍යූහ ගත කිරීමේ වැඩි දුර සාකච්ඡා සඳහා බව ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රකාශ කර තිබුණ ද එම සංචාරය තුළ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව දේශපාලන න්‍යාය පත්‍රය ප්‍රමුඛව ඇති බවට විශ්ලේෂකයෝ මත පළ කරති. රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ සමඟ ඇමරිකාවට ගොස් සිටින අනෙකුත් නියෝජිතයන් පිළිබඳව මේ දක්වා හෙළිවී නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්