‘යෞවනය බොඳ කරන විෂ මත්ද්‍රව්‍ය එපා!’ යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව ගිලගෙන තිබෙන මත් රකුසාට එරෙහිවත් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට හා ඔවුන් ආරක්ෂා කරන දේශපාලකයින්ට එරෙහිවත් විරොධතාවයක් සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ (24) නුගේගොඩදී පැවැත්විණි.
නුගේගොඩ දුම්රිය පොළ ආසන්නයෙන් ආරම්භ වූ මෙම විරෝධතා උද්ඝෝෂණ පා ගමන වර්ෂාව මධ්‍යයේ මහරගම පිටකොටුව ප්‍රධාන මාර්ගය දක්වා පැමිණ අවසන් විය. වීදි නාට්‍ය දර්ශන ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි විශේෂාංග කිහිපයක්ද විරෝධතාවයට එක් කර තිබිණ.




Views: 0









