අතුරුදන් වූවන් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව

පරණගම හා උදලාගම කොමිෂන් සභා වාර්තාව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව පවතින ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීමට සූදානම් බව වාර්තා වේ.

මැක්ස්වෙල් පරණගම කොමිසමෙන් අතුරුදන් වූවන් පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් සකස් කර ඇති අතර එම වාර්තාවේ කිසියම් ගැටලුකාරී තත්වයක් පවතින්නේ නම් තැපැල් මාර්ගයෙන් හෝ දුරකතන මාර්ගයෙන් එම ප්‍රශ්න යොමු කිරීමට මේ මගින් අවස්ථාව ලබා දීමට සැරසේ.

පරණගම වාර්තාව www.pcicpm.lk යන කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන් කියවිය හැකි අතර pcicpm@slt.lk විද්‍යුත් ලිපිනයට ගැටලු අදහස් ඉදිරිපත් කළ හැකි බව එම කොමිසමේ ලේකම් ඩබ්ලිව්. එච්. ගුණදාස මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn