වැරදි තොරතුරු සහිත විදේශ ගමන් බලපත්‍ර යොදා ගනිමින් ඩුබායි රටේ පවතින විදේශ විනිමය හුවමාරු කිරීමේ නිදහස යොදා ගනිමින් මෙරට නීති විරෝධී මුදල් රැස්කරන්නන් විශාල පිරිසක් ජාවාරම්වල යෙදී සිටින බව තහවුරු වී තිබේ. ඩුබායි රට තුළට ඕනෑම ප්‍රමාණයක මුදලක් ගෙන ඒමට සහ එරටින් පිට කිරීමට සම්පූර්ණ නිදහස ඇත.
පසුගිය සිකුරාදා හිටපු අමාත්‍ය විමල් වීරවංස හදිසියේ විදේශගත වීමට ගියේද මේ වනවිට හෙළි වෙමින් තිබෙන එවැනි මුදල් පිළිබඳ විස්තර වැලැක්වීමේ පියවරක් වශයෙන් වෙනත් රටකට ගෙන යාමටදැයි බලවත් සැකයක් මේ වනවිට මතුවී තිබේ.
රාජපක්ෂවරුන් සතු යුරෝ කෝටි 200 ක පමණ මුදල් පිළිබඳව හෙළි වෙමින් තිබියදී මෙරට මූල්‍ය ජාවාරම්කරුවන් තමන් සතු මුදල් සැඟවීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවද හෙළි වේ. විශේෂයෙන්ම පසුගිය සිකුරාද ජිනීවා මානව හිමිකම් යෝජනා පිළිබඳව පාර්ලිමේන්තුවේ වැදගත් සංවාදයක් පැවැත්වෙමින් තිබෙන අතර එයට සහභාගී වීමෙන් වැළකී වීරවංස මන්ත්‍රීවරයා විදේශගත වීම බලවත් සැකයකට තුඩු දී තිබෙන බව හෙළිවේ.









