Video: යහපාලනය හොරු සමග අත්වැල් බැඳගෙන

යහපාලනය හොරු සමග අත්වැල් බැඳගෙන ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ දූෂණ විරෝධී හඬ සංවිධානය අද පෙරවරුවේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ගොස් මීට පෙර කරන ලද පැමිණිලි 30කට ආසන්න ප්‍රමාණයක් ගැන පසුවිපරම් කිරීමෙන් අනතුරුවය.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ සහෝදරයා ඇතුලු විධායක සභාවේ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගි විය.

‘පෙබරවාරි මාසයේ සිට දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් දූෂණ මර්දන කමිටු කාර්යාලයට කරන ලද පැමිණිල සම්බන්ධයෙන් සොයා බලන්න අපි ආවේ. ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකතුමා අපි හමුවුණා. අපිට ඔවුන් විසින් කරන ලද විමර්ශන සම්බන්ධයෙන් ලේඛනයක් ලබාදුන්නා. අපි විසින් කරන ලද පැමිණිලි ඇතැම් ඒවා අපරාධ විමර්ශනය කොට්ඨාශයටත්, මූල්‍ය අපරාධ කොට්ඨාශයටත්, වංචා දූෂණ කොමිසමටත් බාරදී තිබෙනවා. නමුත් පෙබරවාරි මස සිට මේ දක්වා ඉදිරි ක්‍රියාමාර්ග සිදුවෙන්නේ නැහැ.

මේ පරීක්ෂණ සිදුනොවීම පිළිබඳව පොලිස්පතිවරයා, නීතිපතිවරයා, අධිකරණ ඇමතිවරයා, පොලිසිය බාර ඇමතිවරයා සහ අගමැතිවරයා, ජනාධිපතිවරයා වගකිව යුතුයි. මෙම බරපතල වංචා දූෂණවලට චෝදනා ලබපු ඇතැම් අය අද යහපාලන ආණ්ඩුවේ ඇමති දූරත් ලබාගෙන ඉන්නවා. යහපාලන ආණ්ඩුව අද හොරුන් සමග ඇත්වැල් බැඳගෙන. ඒ නිසා අපි මේ සටන නවත්වන්නේ නැහැ. මේ දූෂිතයින් ජනතාවට දැනගන්න හෙළිකරන්න අපි සූදානමින් ඉන්නවා.‘

Facebook
Twitter
LinkedIn