පිලිපීනයේ සීබූ නගරයේදී සිදු කළ වෙඩි තැබීමකින් එරට සිටි චීන නියෝජ්‍ය තානාපතිවරයා හා තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අවන්හලක් තුළදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර පිලිපීනයේ චීන තානාපති කාර්යාලයේ කන්සියුලර් ජනරාල්වරයාද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීමට හේතුව කුමක්දැයි යන්න අනාවරණය වී නොමැති අතර කාන්තාවක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
Views: 0









