කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ මවක් හා දියණියක් පමණක් ජීවත් වන නිවසක් අසළ ආයුධයක් රැගෙන සැඟවී සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයිද ඒ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද පොලීසිය පවසයි.
කොට කලිසමක් පමණක් හැඳ උඩුකය නිරුවත්ව නිව අසළ එසේ සැඟවී සිටි පුද්ගලයා නිවෙසේ ඇති ජනේලයෙන් දැක ඇති එම නිවෙසේ 29 වැවිරිදි දියණිය කෑගසද්දී ඔහු පළා ගොස් ඇතැයි පැවසේ.
එම පුද්ගලයා නිවස අසලට පැමිණ ඇත්තේ කොටකෙතන ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් එම නිවසට පැමිණ පොත අත්සන් කිරීමෙන් පසුව බවට පොලිසිය සැක කරයි.

Views: 0








