පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විදේශගතව සිටින අතරතුර පොලිස් දෙපාර්තමේන්තුවේ අයථා පත්කිරීම් ගණනාවක් සිදුවෙමින් තිබෙන බව අනාවරණය වේ.
නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මැදිහත්වීමෙන් මෙය සිදුකෙරෙමින් පවතී.
විශේෂයෙන්ම මෙම තත්ත්වයට මුල් වී ඇත්තේ වර්තමාන පොලිස්පතිවරයා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුරට පත්වීමේ අපේක්ෂාවෙන් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කීප දෙනෙකු බව හෙළිවේ.
මින් දෙදෙනෙකු තම දේශපාලන පක්ෂපාතිත්වය ආණ්ඩුවට ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් කර ගනිමින් ඇමැතිවරුන්ට අවශ්‍ය මාරුකිරීම් කීපයක් කිරීමට සූදානම් වී ඇත.
එහෙත් පසුගිය 14 වෙනිදින රාති‍්‍රයේ එම සැලසුම් බිඳවැටී ඇති අතර, පොලිස්පතිවරයා නිල සංචාරය නිමකර යළි පැමිණි පසු ඔහුගේද එකඟත්වය සහිතව අදාළ සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ සූදානමක් පවතින බව හෙළිවේ.









