අවි නැවේ බහාලුම් තුනක් CIDය සීල් තබයි

ආන්දෝලනාත්මක ඇවන්ගාඩ් නෞකාවේ ඇති බහාලුම් තුනක් අද (18) පරීක්ෂා කරනු ලැබූ රහස් පොලිසිය එයට මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.

මෙම බහාලුම් තුන තුළ ගිනි අවි හා උණ්ඩ ඇතැයි පැවසෙන අතර ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෙලෙස මුද්‍රා තබා තිබේ. පසුගියදා ගාලු මුහුදු සීමාවේදී මෙම නෞකාව නාවික හමුදා බාරයට ගනු ලැබූ ඇත ඒ තුළ ගිනිඅවි 800කට අධික ප්‍රමාණයක් හා උණ්ඩ ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් ඇතැයි පැවසේ.

පොලිස්පතිවරයාගේ නියෝගය මත පරීක්ෂණ සඳහා අද දිනයේදී එම නෞකාවට ඇතුළු වූ රහස් පොලිස් නිලධාරීන් මෙම බහාලුම් පරීක්ෂාවෙන් අනතුරුව සීල් තබා තිබේ.

Facebook
Twitter
LinkedIn