පැයට කිලෝමීටර් දෙසීයකට අධික වේගයකින් පිලිපීනයේ උතුරු දිග ප්රදේශයට අද (18) පෙරවරුවේ කඩා වැදුණු කොප්පු සුළි සුළඟින් එම ප්රදේශයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ.
සුළි කුණාටුවේ බලපෑමත් සමග එම ප්රදේශය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තිහකට අධික ප්රමාණයක් අවලංගු කිරීමටත්, මඟී යාත්රා සේවය සම්පූර්ණයෙන් නතර කිරීමටත් සිදුවී ඇති බව පැවසේ.
උතුරු දිග ප්රදේශයේ වෙරළාසන්න ජනතාව සුළි කුණාටුව පැමිණීමට පෙර ඉවත් කිරීමට පිලිපීන බලධාරීන් කටයුතු කර ඇති අතර සුළි සුළඟ සමග පැමිණි අධික වර්ෂාවත් සමග ගංවතුර තත්වයක් ඇතිවී තිබේ. මේ වනවිට දස දහසකට අධික ජනතාවක් අවතැන්වී ඇති බවත් සුළි කුණාටුවත් සමග අඩි දොළහකට වඩා උස් වූ රළ පහරක් ඇති වූ බවත් පැවසේ.
මෙම සුළි කුණාටුවෙන් පිලිපීන අගනුවරට බලපෑමක් එල්ල වී නැතත් එරට දිළිඳු ජනතාවක් වෙසෙන උතුරු ප්රදේශයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පැවසේ.









