ලංකාව බලා ගමන් කරමින් තිබූ නැවත් ගැටී කඩා වැටුණු ඇමරිකාවේ දැවැන්ත පාලම ගැන තවත් විස්තර

ලංකාව බලා ගමන් කරමින් තිබූ නැවත් ගැටී කඩා වැටුණු ඇමරිකාවේ දැවැන්ත පාලම ගැන තවත් විස්තර

ඊයේ (26) ඇමරිකාවේ බොල්ටිමෝර් නගරයේ ෆැන්සිස් ස්කොට් කී පාලමේ ශ්‍රී ලංකා බලා යාත්‍රා කරමින් තිබූ නැවක් ගැටීමෙන් පසුව කඩා වැටීම මගින් සිදු කරනු ලබන බලපෑම පිළිබඳව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තාවක් පළ කර තිබේ.

එය උපුටා ගෙන පහත දැක්වේ.

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ගැටී ඇමෙරිකාවේ දැවැන්ත පාලමක් සුණුවිසුණු වෙයි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් ඇමෙරිකාවේ බොල්ටිමෝර් නගරයේ පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම (Francis Scott Key Bridge) කඩා වැටී තිබේ.

කිලෝමීටර් 2.6 (සැතපුම් 1.6)ට වඩා දිගින් යුත් එම පාලම හරහා ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් පැටැප්ස්කෝ නදියට ඇද වැටිණි.

බොල්ටිමෝර් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි, පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජලයට වැටී ඇති බවට විශ්වාස කරන බව ය.

හදිසි සහන සේවා නිලධාරීන් කඩිනමින් එම ස්ථානය ගොස් ඇති අතර අනතුරට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වේ.

නාගරික බලධාරීන් පවසන්නේ, දේශීය වේලාවෙන් අලුයම 01:30ට (මෙරට වේලාවෙන් පෙරවරු 11ට) වසර 47ක් පැරණි පාලම මත නෞකාවක් ගැටීමෙන් එය කඩා වැටී ඇති බව ය.

"ට්‍රැක්ටර් ටේලරයක ප්‍රමාණයේ වාහනයක්" ඇතුළු වාහන කිහිපයක් ම පහතින් තිබූ නදියට වැටුණු බව ඔවුහු පැවසූහ.

“ට්‍රැක්ටර් ටේලරයක ප්‍රමාණයේ වාහනයක්” ඇතුළු වාහන කිහිපයක් ම පහතින් තිබූ නදියට වැටුණු බව ඔවුහු පැවසූහ.

සිංගප්පූරු ධජය සහිත ඩාලි නමැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බව දත්ත වාර්තා අනුව අනාවරණය වී තිබේ.

සාගර රේඩාර් පද්ධතියට අනුව, එය අලුයම 00.45ට පෝර්ට් බ්‍රීස් වරායෙන් පිටත් වී තිබේ.

බොල්ටිමෝර් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, ඇමෙරිකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ මේරිලන්ඩ් ප්‍රාන්තයේ සෙසු ආයතන කිහිපයක් එක්ව දැවැන්ත මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත‍.

බොල්ටිමෝර් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සන්නිවේදන ප්‍රධානී කෙවින් කාර්ට්රයිට් මෙම අනතුර පැහැදිලි කළේ, "බරපතළ හදිසි තත්ත්වයක්" ලෙස ය.

බොල්ටිමෝර් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සන්නිවේදන ප්‍රධානී කෙවින් කාර්ට්රයිට් මෙම අනතුර පැහැදිලි කළේ, “බරපතළ හදිසි තත්ත්වයක්” ලෙස ය.

“මේ මොහොතේ අපි අවධානය යොමු කරල තියෙන්නේ, මේ මිනිස්සු බේරා ගන්න එක සහ ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන එක ගැන යි,” ගඟට වැටුණු ජනතාව පිළිබඳව අවධානය යොමු කරමින් ඔහු ප්‍රකාශ කළේ ය.

කඩා වැටුණු පාලම
කඩා වැටුණු පාලම

කාර්ට්රයිට් පැවසුවේ, “පාලම මත එල්ලෙමින් තිබෙන ඇතැම් භාණ්ඩ හෝ පාලමේ කොටස්” හේතුවෙන් අනාරක්ෂිත සහ අස්ථාවර තත්ත්වයක් උද්ගත වී ඇති අතර, විදුලි විසන්ධි වීමක් මධ්‍යයේ හදිසි මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රවේශම්සහගත ලෙස මෙහෙයුම්හි නිරතව සිටින බව ය.

නැව තුළ සිටි නාවික නියමුවන් දෙදෙනෙකු ඇතුළු සියලු ම කාර්ය මණ්ඩල සාමාජිකයින් පිළිබඳව සොයා බලා ඇති බවත්, කිසිදු තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බවත්, “සිද්ධියට නිශ්චිත හේතුව තවමත් නිශ්චය කර නොමැති” බවත් Synergy Marine Group නැව් සමාගම පැවසීය.

Facebook
Twitter
LinkedIn