අල්ලස් ගත් රේගු ලොක්කන් අතර මිලියන තිහක ත්‍යාගයක් ලැබුවෙක්

ඉතිහාසයේ විශාලම අල්ලස් මුදල ලබා ගැනීමේදී පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබූ ඉහළ පෙළේ රේගු නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙකු මීට පෙර රේගු දෙපාර්තමේන්තුව සිදු කළ වැටලීමකදී දිරි දීමනා ලෙස රුපියල් මිලියන තිහක ත්‍යාගයක් රේගු දෙපාර්තමේන්තුවෙන් ලැබූවකු බව හෙළිවේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ රේගු නිලධාරීන් තිදෙනා වන්නේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරාය.

මෙම නිලධාරීන් අති සුඛෝපභෝගී ජීවිත ගතකරන්න බවත් ඔවුන්ගේ පවුල්වල දරුවන් හා බිරින්දෑවරුන් විදෙස් රටවල ජීවත් වන බවත් හෙළි වේ.

රේගු දෙපාර්තමේන්තුව යනු ලංකාව තුළ දැවැන්ත ජාවාරම් හා අල්ලස් ලබා ගැනීම් සිදු වන ස්ථානයක් බව කවුරුත් දන්නා රහසකි. එවැනි ආයතනයක් රටේ යහපත වෙනුවෙන් යෙදවීමටත් ඒ තුළ පවතින දුර්වලතාවයන් මඟහරවා ගැනීමටත් ඉතිහාසය පුරා කටයුතු නොකිරීම බරපතල ගැටලුවකි.

 

Facebook
Twitter
LinkedIn