මන්ත්‍රී ගලප්පත්ති අම්පාරේ උපාධිධාරීන් හමු වේ

රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබාදිමේදි සිදු වි ඇති අසාධාරණයට එරෙහිව අම්පාරේ උපාධිධාරින් පිරිසක් සත්‍යග්‍රහයක් නිරතව සිටින අතර ජනතා විමුකිති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පසුගියදා එම ස්ථානයට ගොස් ඔවුන් හමු වී තිබේ.

ඔවුන් සිය ගැටළුව පිලිබඳව මන්ත්‍රීවරයාට කරුණු පැහැදිළි කර ඇති අතර අම්පාරට පමණක් නොව මෙම ප්‍රශන්ය ජාතික වශයෙන්ම ඇති ප්‍රශ්නයක් බැවින් ඊට මැදිහත්වීම සඳහාත් එම උපාධිධාරීන්ට සාධාරණය ඉටු කිරීම සඳහාත් රැකියාලාභී උපාධීධාරී සංගමය මේ වනවිටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මන්ත්‍රීවරයා එහිදී එම පිරිසට ප්‍රකාශ කර තිබේ.


Facebook
Twitter
LinkedIn