මහින්ද රාජපක්ෂ ජනපති කොමිසමට පැමිණෙයි

(දෙවන සංස්කරණය) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා තිබූ අතර ඔහු ඒ සඳහා පෙරවරු 8.55 පමණ ගාමිණී මාරපන ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකු සමඟ පැමිණ තිබේ.

එම කොමිෂන් සභාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති අතර පසුගිය ජනපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියේ ඡන්ද දැන්වීම් වෙනුවෙන් මුදල් නොගෙවීම හේතුවෙන් ආයතනයට අලාභ කිරීම හා ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරය කිරීමට ගිවිසගෙන තිබූ දැන්වීම් ප්‍රමාණයට වඩා අඩුවෙන් ප්‍රචාරය කර එම ආයතනයට ලැබිය යුතු මුදල් අහිමි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ජනපති කොමිසම විශේෂ පරීක්ෂණයක් සිදු කරයි.

මේ වනවිට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ද ජනාධිපති කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණ සිටී. එම මහත්වරුන්ද අද දිනයේ කැඳවා ඇතැයි පැවසේ.

Facebook
Twitter
LinkedIn