වැලිකඩ බන්ධනාගාරය ඇතුළු සියළුම බන්ධනාගාරවල රඳවා සිටින දේශපාලන සිරකරුවන්ට අදාළ නීතිමය කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලා එම සිරකුවන් විසින් ආරම්භ කර ඇති උපවාසය අද (15) සිව්වන දිනටත් ක්‍රියාත්මක බව වාර්තා වේ.
බන්ධනාගාර දේපාර්තමේන්තුව සඳහන් කරන්නේ පසුගිය සදුදා සිට මෙම රැඳවියන් ආහාර වර්ජනයේ නිරතවෙමින් උපවාසයක් ආරම්භ කර ඇති බවයි. ඔවුන්ගෙන් 06 දෙනෙකු අසාධ්‍ය වී ඊයේ (14) දිනයේ රෝහල් ගත කළ බවද වාර්තා වේ.
කොළඹ මැගසින්, අනුරාධපුර, මඩකලපුව, යාපනය, කළුතර යන බන්ධානාගාර වල රැඳවියන් මෙලෙස උපවාසයේ නිරත වී සිටින බව වැඩිදුරටත් වාර්තාවේ.
රැඳවියන්ගේ ඉල්ලීම් පිළිබඳව මේ වනවිට ජනාධිපතිවරයා වෙත ලිඛිතව ලබාදී ඇති බව බන්ධානාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Views: 0









