SYU නියෝජනය කරමින් නිමල් ජයකොඩි ග්‍රීසියට

ග්‍රීස් කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංඟමය විසින් මේ මස 8 වෙනිදා සිට 11 වෙනිදා දක්වා ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී සංවිධානය කරන ලද ” අධිරාජ්‍යවාදී සංවිධාන, අන්තර් – අධිරාජ්‍යවාදී පරස්පර විරෝධය හා කොමියුනිස්ට් ස්ථාවරය” සම්මන්ත්‍රණයට සහ තරුණ උළෙලට ඔවුන්ගේ ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංඟමය නියෝජනය කරමින් නිමල් ජයකොඩි මහතා සහභාගී වී තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකාවට අමතරව  පකිස්තානය, ඉන්දුනීසියාව, සුරිනාමය, පලස්තීනය, ඇල්ජීරියාව, සිරියාව, සර්බියාව, ජොර්ජියාව, රුසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය, බෙල්ජියම, පෘතුගාලය,ස්වීඩනය, සයිප්‍රසය, තුර්කිය යන රටවල්වල කොමියුනිස්ට් තරුණ සංඟම් නියෝජිතයින් සහභාගී වූ අතර මේ සම්මන්ත්‍රණයේදී නිමල් ජයකොඩි මහතා විසින්  ලෝකය පුරාවට විවිධ වේශයන්ගෙන් ක්‍රියාත්මක වන අධිරාජ්‍යවාදී සංවිධාන පිළිබඳව සහ ඔවුන් ශ්‍රී ලංකාවට කරනු ලබන බලපෑම පිළිබඳව අදහස් ඉදිරිපත් කරක ඇත.

මේ අතර ජයකොඩි මහතා හා ලෝකයේ කොමියුනිස්ට් තරුණ සංඟම් නියෝජනය කරමින් පැමිණි සහෝදර සහෝදරියන් සහ ග්‍රීසියේ කොමියුනිස්ට් තරුණ සංඟමය අතර ද්විපාර්ශවික සාකච්චා වට කිහිපයක්ම සිදුක ර තිබේ.

එහිදී ඒ ඒ රටවල්වල තරුණයින් මේ මොහොතේ මුහුනදෙමින් සිටින විවිධ ගැටලු හා ඒ සඳහා කොමියුනිස්ට් පක්ෂ සහ තරුණ සංඟම් අදාළ රටතුළ පැනනඟින ඒ ගැටලු හඳුනාගන්නා අයුරුත් ඒවාට පිළියම් සෙවීමේදී ඔවුනොවුන්ගේ අත්දැකීම් හුවමාරු කරගත හැකි ආකාරයත් පිළිබඳව කරුණු සාකච්චා කර තිබේ.

මෙහිදී සාකච්චාවට ලක්වූ විශේෂ කරුණක් වී ඇත්තේ ධනේශ්වර පක්ෂ මඟින් විවිධ බොරු පොරොන්ඳු ලබාදෙමින් යළි යළිත් රැවටීමට ලක්කරනු ලබන තරුණ තරුණියන්ට ධනේශ්වර පාලකයන්ගේ සැබෑ ස්වරූපය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීම සහ ඔවුන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීම සඳහා ඔවුන් සහභාගී කරගන්නා ආකාරයයි.

සම්මන්ත්‍රණයට සමගාමීව පැවති තරුණ උළෙලේදී සමාජවාදී තරුණ සංඟමයේ ප්‍රදර්ශණ කුටියට පැමිණි ග්‍රීස් කොමියුනිස්ට් පක්ෂ නායක දිමිත්‍රිස් කවුත්සම්පස් මහතා ශ්‍රී ලංකාව තුළ නිර්ධනපංතියේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ඉතා ඉහළින් අගය කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණට සහ සමාජවාදී තරුණ සංඟමයට ග්‍රීසියේ කොමියුනිස්ට් පකෂයේ සහයෝගය සහ ස්තුතිය පළකරන කර තිබේ.

එමෙන්ම මෙහිදී ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ( WFTU ) ප්‍රධාන ලේකම්වරයා වන ජොර්ජ් මව්රිකෝස් මහතාගේ ඉල්ලීමක් අනුව නිමල් ජයකොඩි මහතා සහ WFTU ප්‍රධාන ලේකම්වරයා අතර හමුවක් පැවති අතර එහිදී ඔහු ලංකාවේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ( NTUC  ) හරහා කරනු ලබන කැපකිරීම අගය කර ඇත.

ඒ වෙනුවෙන් ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ විශේෂ ස්තුතියද ඔහු විසින් පිරිනමා ඇත.

ලාංකීය වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලාල්කාන්ත මහතා ප්‍රමුඛ වෘත්තීය සමිති මධ්‍යස්ථානය ගෙනයන අරගලයට ජාත්‍යන්තර සහයෝගය රැගෙන ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මීලඟ මැයිදින රැළියට සහභාගී වනවා යන පණිවිඩයද පක්ෂය වෙත රැගෙන යන්න යන ඉල්ලීමද ජොර්ජ් මව්‍රිකෝස් මහතා එහිදී නිමල් ජයකොඩි මහතා හමුවේ පවසා තිබේ.


Facebook
Twitter
LinkedIn