කුන්දුස් ප්‍රහාරයට ඔබාමා සමාව ගනී

ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් ප්‍රදේශයේ ස්වේච්ඡා රෝහලකට ඇමෙරිකානු ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයට එරෙහිව ස්වේච්ඡා සංවිධාන හා මානව හිමිකම් සංවිධාන ඇතුළුව ජාත්‍යන්තරව එල්ල වූ  විරෝධය හමුවේ ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳව බැරක් ඔබාමා සමාව ගෙන තිබේ.

දේශසීමා රහිත වෛද්‍යවරු නම් ස්වේච්ඡා සංවිධානය පවත්වාගෙන යනු ලැබූ මෙම රෝහලට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් වෛද්‍යවරුන්, හෙදියන්, රෝගීන් ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර  මියගිය හා තුවල ලැබූවන්ට වන්දි ගෙවීමට සූදානම් බව ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව පැවසේ. රුසියානු හමුදා සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාර පිළිබඳව කතා කරන ඇමෙරිකාව තමන්ගේ හමුදාව හා මැදපෙරදිග ක්‍රියාත්මක තම කුලී හේවායන් සිදු කරන ම්ලේච්ඡ සංහාරයන් පිළිබඳව කතා කිරීමෙන් වැළකී සිටී.

 

Facebook
Twitter
LinkedIn