ඇමෙරිකාවේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න උතුරු කොරියාව සූදානම්

ඇමෙරිකාවෙන් ආරම්භ කරන ඕනෑම යුද තත්වයකට නොබියව මුහුණ දීමට සිය හමුදාව සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජෝන් උන්ග් ප්‍රකාශ කර තිබේ.

පසුගිය 10 වැනි දින සැමරූ උතුරු කොරියානු කම්කරු විප්ලවයේ 70 වන සංවත්සර උත්සවයේදී ජාතිය අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කර තිබේ. පියෝන් යෑන්ග්හි පැවැති මෙම ජයග්‍රාහී යුද පෙළපාලියට උතුරු කොරියානු හමුදාව සතු යුද ශක්තිය විදහා දැක්වෙන ලෙස සන්නද්ධ රථ, බර අවි, මිසයිල එක්කර ඇත.

මෙම උත්සවයට උතුරු කොරියානු හමුදාවේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වී ඇති අතර මෙවර සැමරුමට විදෙස් නියෝජිතයින් එක් කර නොගැනීමට උතුරු කොරියාව කටයුතු කර ඇති බව පැවසේ.

Facebook
Twitter
LinkedIn