සුනිල් හඳුන්නෙත්ති GOPACහි නිලධාරී මණ්ඩලයට

මේ දිනවල ඉන්දුනීසියාවේ Yogyakarta හිදී පැවැත්වෙන 6වන ගෝලීය දූෂණ විරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුව හෙවත් GOPAC සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සහභාගී වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එහි දකුණු ආසියානු පැසිෆික් කලාපීය කමිටුවේ භාණ්ඩාගාරිකවරයා වශයෙන් තෝරාපත්කරගෙන තිබේ.

පකිස්ථානය, භූතානය, නේපාලය, බංගලාදේශය, මාලදිවයින, ඉරාණය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් එම කමිටු අවස්ථාවට සහභාගී වී සිටි අතර නේපාල් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පැමිනි මන්ත්‍රීවරයා සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම යෝජනා කර තිබූ අතර පකිස්ථාන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පැමිනි මන්ත්‍රීවරයා එය ස්ථීර කර ඇත.

ඡන්ද විමසීමකින් තොරවම එම යෝජනාව සම්මත වී ඇති අතර GOPACහි තනතුරක් සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකුට ලැබුණු පළමු අවස්ථාවද මෙය වේ.


Facebook
Twitter
LinkedIn