කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය සිදු කර ඇති විමර්ශන කටයුතු පිළිබඳව තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙසට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ 33 හැවිරිදි එක්දරු පියෙකු අත්අඩංගුවට ගනිමින් කොටදෙනියාව පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳව දැඩි විරෝධයක් මේ වනවිට එල්ල වී තිබේ.
පොලිස් අත්අඩංගුවේදී එම සිසුවාට හා අනෙක් පුද්ගලයාට බරපතල ලෙස පහරදීම පිළිබඳව මේ වනවිට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිසුවාගෙන් ඒ පිළිබඳව ප්රකාශ ලබා ගෙන ඇති.
Views: 0








